ශ්‍රී ජයසුමනාරාමය යනු රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්ලෑල්ල නම්
ප්‍රදේශයේ හලකන්ද නම් සුන්දර ගම් පෙදෙසක පිහිටි විහාරස්ථානයක්.මෙහි නායක
ස්වාමින් වහන්සේ වන්නේ පුජ්‍ය උඩගම ඤානානන්ද ස්වාමින් වහන්සේයි.උන්වහන්සේ
සමග ස්වාමින් වහන්සේලා හතර නමක් වාසය කරනවා.උන්වහන්සේගේ මහන්සියෙන් හා
දෛරයෙන් මෙම විහාරස්ථානය ගොඩනැගෙමින් පවතිනවා.එසේ ගොඩනැගීමේදී විවිද ආර්ථික
දුෂ්කරතා මතුවී තිබෙනවා.
මෙම විහාරස්ථානයේ විශේෂත්වය වන්නේ භාවනා සදහා
උචිත නිස්කලංක පරිසරයක් පැවතීමයි.එම නිසා උන්වහන්සේගේ බලාපොරොත්තුව ඕනෑම
අයෙකුට පැමිණිය හැකි ආකාරයට මෙම විහාරස්ථානය පත් කරගැනීමයි.
ඤානානන්ද
ස්වාමින් වහන්සේගේ සහ ගමේ දායකයන්ගේ ශ්‍රමයෙන් හා දායකත්වයෙන් දැනට භාවනා
කුටි කිහිපයක් ඉදිකර තිබෙනවා.එසේම යම් යම් ඉදිකිරීම් ඉදිකරමින්
පවතිනවා.නමුත් උන්වහන්සේට දුෂ්කරතා මතුවී තිබෙනවා.විහාරස්ථානයට පැමිණෙන
මාර්ගය කොන්ක්‍රීට් කිරීම(මීටර් 300ක් පමණ),බුදු මදුර,බෝධි ප්‍රකාරය,ධාන
ශාලාව,මල් ආසනය,වෙහෙර වහන්සේ,විශ්‍රාම ශාලාව,භාවනා කුටි වැනි කටයුතු සදහා.
මේවා ඉදිකර ගැනීම සදහා උපකාර බලාපොරොත්තු වනවා.
විහාරස්ථානය සම්බන්ද කරගත හැකි ක්‍රම :-
ලිපිනය :- ශ්‍රී ජයසුමනාරාමය,හැලකන්ද,ගල්ලෑල්ල,රත්නපුර.
ශ්‍රී සුමන දහම් පාසැල,හැලකන්ද,ගල්ලෑල්ල,රත්නපුර.
දුරකථන අංක:- පුජ්‍ය උඩගම ඤානානන්ද හිමි.
0453466001
0718291392
Home
»
»Unlabelled
» පුණ්‍ය භූමියක් ගොඩ නැගීමට උපකාරයක් වන්න.
Tuesday, October 29, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment